මීළඟට පහර දෙන්නේ රාජ්‍ය නිලධාරින්ට – කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්

රජයේ නිලධාරින් වගකිමකින් තොරව කටයුතු කලහොත් ජනතාව මීළඟට ජනතාව පහර දෙන්නේ රාජ්‍ය නිලධාරින්ට බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ව මේ බව කියාසිටියේ (18) දින නුවරඑලිය දිස්ත්‍රික් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කළුගල කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර කාර්යාලයේ ආහාර මන්දිරය විවෘත කිරීමේ අවස්තාවට එක් වෙමින්.

ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමිව තේ කුඩු, බඩ ඉරිගු, කොස්, දෙල්, පොළොස් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් කල් තබා ගන්නා ආකාරයට සකස් කරන ලද ආහාර එම ආහාර මන්දිරයෙන් මිල දි ගැනිමට ප්‍රදේශවාසින්ට අවස්තාව උදාවනවා.

මෙම අවස්තාවට එක් වු කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා කියාසිටියේ ඉදිරි මාස කිහිපය තුල මේ රටේ ජනතාව දැඩි පිඩාවට පත්වන අවධානමක සිටින නිසා ජනතාවද ඉන් මිදීමට විශාල කැප කිරීමක් සිදු කල යුතු බවයි.

අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියේ අස්වැන්න නෙලා ගැනිමේදි ගොවියන් 99% යන්ත්‍ර සුත්‍ර භාවිතා කරන නිසා ඉන්ධන සොයාගැනිමට යුධ හමුදාවේ සහ දිස්ත්‍රික්ක මට්ටමින් ශ්‍රමදායකත්වයක් ලබා ගැනීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.

තවද පවතින තත්ත්වය මත තව දින කිහිපයක් තුල ජනතාවට පුද්ගලික වාහනවලින් මෙන්ම පොදු ප්‍රවාහන සේවාවලින් බැහැර වී පයින් ගමන් කිරිමට හෝ පැරණි සම්ප්‍රදායට අනුව ගමන් බිමන් යාමට සිදු විමේ අවධානමක් මතු වි ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles