“නුසුදුස්සන්ට තනතුරු දී කළ වැරදි නිවැරදි කරගන්නට ආණ්ඩුව සූදානම් නෑ” – මෛත්‍රීපාල සිරිසේන

ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පොහොට්ටුවේ මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

එය 19 වැනි සංශෝධනයට වඩා හාත්පසින්ම වෙනස් බවයි ඔහු කියන්නේ. හිටපු ජනාධිපතිවරයා පවසන්නේ එමගින් වත්මන් ජනපතිවරයාට ධුර කාලය අවසන් වන තුරු 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලතල සහ තවත් බලතල ලබාදී ඇති බවයි. එයට කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා.

වත්මන් ආණ්ඩුවේ වැරදි දේශපාලන, ආර්ථික හා සමාජ කළමනාකරණය හේතුවෙන් රට අවුරුදු 80කින් පමණ ආපස්සට ගොස් නිවෙස්වල දරු ප්‍රසූතිය සිදුකරන්නට වන තත්වයට පත්ව ඇතැයි මෛත්‍රීපාල මහතා කියනවා. ආණ්ඩුව නුසුදුස්සන්ට තනතුරු දී කළ වැරදි නිවැරදි කරගන්නට තවමත් සූදානම් නොමැති බවයි ඔහු කියන්නේ. පසුගිය මැතිවරණයන් සමයේදී පොහොට්ටුවේ ප්‍රධාන සටන්පාඨය වූ ජාතික ආරක්‍ෂාව ඇතුළු සියලු සටන්පාඨ මේ වන විට අවලංගු වී ඇතැයි ද ඔහු පවසනවා.

POPULAR

Recent articles