රාජ්‍ය සේවකයෙක් නොවන නිශ්ශංක සේනාධිපතිගේ චෝදනාවලට කොමිසමට කැඳවීම වැරදියි – පාඨලී චම්පික

රාජ්‍ය සේවකයෙක් නොවන නිශ්ශංක සේනාධිපතිගේ චෝදනාවලට කොමිසමට කැඳවීම වැරදියි – පාඨලී චම්පික

පසුගිය කාලය තුළ දේශපාලනික වශයෙන් පලිගැනීමට ලක්වු රාජය සේවකයන්ට සාධාරණය ඉටුකිරීමට යැයි පවසමින් පවත්වන ලබන දේශපාලන පලි ගැනීම් විම්රශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ සාධාරණයත්වය පිළිබඳ ඉදිරියේ දී තමන් අවධානයෙන් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ පවසනවා.
අප්සවුන්ඩ් – විජේදාස

හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න පාඨලී චම්පික රණවක විජේදාස රාජපක්ෂ අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පාර්ශව 17කට දේශපාලන පලි ගැනීම් විම්රශනය කරන ජනාධිපති කොමිසම විසින් පසුගිය 15 වනදා නොතිසි නිකුත් කලේ ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති විසින් ගොනුකළ පෑමිණිල්ලකට අදාළව ඒම පිරිස වගඋත්තරකරුවන් ලෙස නම් කිරීම හේතුවෙන්.

කෙසේවෙතත් ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් අලාබ සිදුවු බව පවසමින් නිශ්ශංක සේනාධිපති ගොනුකළ පැමිණිල්ල කිසිසේත්ම දේශපාලන පලි ගැනීම් විම්රශනය කරන ජනාධිපති කොමිසමේ පරිපථයට අදාළ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක පවසන්නේ
අද උදෑසන කොමිසම හමුවේ පෙනී සිටිමින් ඔහු ප්‍රකාශ කළේ නිශ්ශංක සේනාධිපති කිසිසේත් රාජ්‍ය සේවකයෙකු නොවිම හේතුවෙන් දේශපාලන පලි ගැනීම් විම්ර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ මෙවැනි පැමිණිල්ලක් ගොනු කර තිබීම යුක්ති සහගත නොවන බවයි.

POPULAR

Recent articles