ඖෂධ හා උපකරණ හිඟය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නවතී

පේරාදෙණිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. අර්ජුන තිලකරත්න විසින් ඊයේ (28) දිනැතිව රෝහල් සියලුම උපදේශක වෛද්‍ය නිලධාරීන්, උපදේශකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ ඉහල බලධාරීන් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපියෙන් පවසා ඇත්තේ ඖෂධ සහ භාවිතා කරන පරිභෝජන භාණ්ඩ කිහිපයක හිඟයකි සියලුම සාමාන්‍ය සැත්කම් තාවකාලිකව නතර කරන ලෙසයි.

රෝහලේ ඇතැම් ඖෂධ තොගය රෝගීන් කිහිප දෙනෙකුට පමණක් ප්‍රමාණවත් වන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සිය ලිපියේ දක්වා ඇත්තේ. රෝහල් කළමනාකරණ කමිටු රැස්වී මෙම ගැටලුව සාකච්ජා කරන ලද අතර එහිදී ගත තීරණයක් අනුව සාමාන්‍ය සැත්කම් තාවකාලිකව නතර කරන ලෙසයි පවසන්නේ.

මේ පිළිබඳව කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ‘තත්වය අපේ පාලනයෙන් ඉවතව යනවා. අපට කළහැකි දෙයක් නැහැ. රෝගීන් වගේම අපිත් අසරණයි’ යනුවෙන්.

POPULAR

Recent articles