කෝටි 2 කට අධික ආදායමක් තැපැල් දොපර්තමේන්තුවට අහිමි වෙයි

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ අංශයේ තැපැල් මලු 400 කට ආසාන්න ප්‍රමාණය ගොඩ ගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටියේ ඒ හේතුවෙන් රුපියල් කෝටි 2 කට අධික ආදායමක් තැපැල් දොපර්තමේන්තුවට අහිමි වී ඇති බවයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත තැපැල් සේවකයින් තවදුරටත් සේවයට වාර්තා නොකළ හොත් සේවය හැර ගියා සේ සලකන බව ද තැපැල්පති රංජිත් ආරියරත්න කියා සිටිනවා.

කෙසේ වෙතත් ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට තැපැල් සේවා ක්‍රියාත්මක වන්නේ අඟහරුවාදා, බදාදා හා බ්‍රහ්සපතින්දා යන දින 3 තුළ පමණයි.

POPULAR

Recent articles