කන්දකාඩු රැඳවියන් 598 ක් නැවත භාරවෙයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය තවත් රැඳවියන් 366 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව භාර වූ සමස්ත රැඳවියන් සංඛ්‍යාව 598 ක් දක්වා ඉහළ ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කරනවා.

රැඳවියන් සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගනිමින් ඊයේ (29) රාත්‍රියේදී යළිත් එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

කලහකාරී පිරිස, මිය ගිය රැඳවියාගේ දේහය රැගෙන පලා ගොස් තිබූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම දේහය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි.

POPULAR

Recent articles