“බේකරි 2 000ක් පමණ වැසී ගිහින්” – බේකරි හිමියන්ගේ සංගමය

පවතින අර්බුදය හමුවේ බේකරි 2 000ක් පමණ වැසී ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන සඳහන් කරන්නේ ඒ හේතුවෙන් රැකියා ලක්ෂයක් පමණ අහිමී වී ඇති බවයි.

උඳුන් ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය ඩිසල් හා ගෑස් නොමැතිවීම ඊට හේතු වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා.

POPULAR

Recent articles