බලශක්ති ඇමති කටාර් බලධාරීන් සමග සාකච්ඡා පවත්වයි

කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සංවර්ධනය සඳහා වන කටාර් අරමුදල (Qatar Fund For Development – QFFD) නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවට ණයට ඉන්ධන සහ ගෑස් ලබාගැනීමට සාකච්ඡා කළ බවයි වාර්තා වෙන්නේ.

තමන් දැනටමත් වෛද්‍ය සැපයුම් සඳහා අරමුදල් වෙන් කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් සඳහා වන ඉල්ලීම සලකා බලන බවත් සංවර්ධනය සඳහා කටාර් අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරා මෙම හමුවේදී අමාත්‍යවරයාට දැනුම්දී තිබෙන බවයි කියන්නේ. මෙම හමුව සඳහා පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ද සහභාගි වී තිබුණා.

POPULAR

Recent articles