“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බවද ඔවුන් කියා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ඔවුන් මේ බව සඳහන් කර ඇති බවයි.

දූත පිරිස මෙරට සිදු කරන සංචාරය පිළිබඳ ජනාධිපතිවරයා පැසසුමට ලක් කර ඇති අතර මේ වන විට රටේ පවතින ආර්ථික අසීරුතාව, සමාජයීය අපහසුතාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳවද ඔවුන් දැනුවත් කර තිබෙනවා.

මේ අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාව සමග එකට ගමන් කිරීමටත්, අවශ්‍ය සහාය දෙමින් හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බව එම නියෝජිත පිරිස සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles