LPL තෙවන අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙට (05)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව හෙට (05) පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රිකට් ආයතනය පවසන්නේ කණ්ඩායම් කළමණාකාරීත්වය හා තරගාවලියේ සංවිධායකයින්ගේ සහභාගීත්වයෙන් හෙට පස්වරු 5.00 සිට ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු සිදු කරන බවයි.

විදෙස් ක්‍රීඩකයින් 180 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 173 දෙනෙකු සමගින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට වට 20 ක් ඇතුළත් වන අතර ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ අවස්ථාවෙන් පසුව එක් සංචිතයක් සදහා විදෙස් ක්‍රීඩකයන් 6 ක් ඇතුළුව උපරිමය ක්‍රීඩකයින් 20 දෙනෙකු සිටිය හැකියි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත වනවා.

POPULAR

Recent articles