“අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා පැනවීම ප්‍රායෝගික නෑ” – ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තු ගත කර ආනයන සීමා පැනවීම ආර්ථික විද්‍යානුකූලව ප්‍රායෝගික නොවන බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ අත්‍යවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කවරේද යන්න එක් එක් පුද්ගලයාට සාපේක්‍ෂව වෙනස් විය හැකි බවයි. ඒ අනුව සුදුසු විනිමය අනුපාතිකයන් පවත්වාගෙන යාමෙන් වෙළදපොල මගින්ම අදාළ භාණ්ඩය අත්‍යවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් ලෙස තීරණය වීමට ඉඩහැරීම සිදුකළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තු ගත කර ආනයනය සීමා පැනවීමෙන් සිදුවන්නේ අදාළ භාණ්ඩ නීත්‍යානුකූල නොවන අයුරින් ගෙන්වන කණ්ඩායමකට ලාභ ලැබීම පමණක් බව ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

POPULAR

Recent articles