පාපැදි මිල 100% කින් ඉහළට

ඩොලර් ප්‍රශ්නය නිසා පාපැදි මිල 100% කින් ඉහළ ගොස් ඇතැයි පාපැදි නිපදවන්නන්ගේ සහ එකලස් කරන්නන්ගේ සංගමයේ ලේකම් රිස්නි ඉස්මත් පවසනවා.

මේ අනුව රුපියල් 18,000 ක පමණ මිලකට පැවැති මවුන්ටන් වර්ගයේ පාපැදියක් සහ කාන්තාවන් පවිච්චි කරන කරන පාපැදියක් රුපියල් 36 000 පමණ ඉහළ ගොස් ඇති බව ඔහු කියා සිටිනවා.

සාමාන්‍යයෙන් බොහෝ පාපැදි විදේශයන්ගෙන් අමතර කොටස් ගෙනවිත් මෙරටදී එකලස් කිරීම කාලයක සිට සිදුකෙරෙන බවත් පාපැදි අමතර කොටස් සුඛෝපභෝගී භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර 55% ක පමණ බද්දක් අය කිරීම නිසා පාපැදි මිල මෙලෙස ඉහළ දැමීමට සිදුවූ බවත් ඔහු පෙන්වා දෙනවා.

පාපැදි අමතර කොටස් සුඛෝපභෝගී භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කර බද්ද සියයට බින්දුව දක්වා අඩු කර දුනහොත් පාපැදියක් රුපියල් දහනව දාහකට පමණ පාරිභෝගිකයාට ලබාදීමට අනිවාර්යෙන්ම හැකිවන බවද ඔහු කියා සිටිනවා.

කෙසේ වෙතත් මිල ඉහළ ගියත් පාපැදිවලට ඇති ඉල්ලුම රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වැඩිවී ඇතැයි සඳහන් කරන රිස්නි ඉස්මත් පා පැදි මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ජනතාව අධික මිල ගණන් නිසා දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවද පවසනවා.

මේ අතර අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන බොහෝ පිරිස් සිය නිවෙස්වල අබලන් වී පසෙකට දමා තිබූ පාපැදි අලුත් වැඩියා කර පාවිච්චියට යොදාගෙන ඇතැයි වාර්තා වනවා.

POPULAR

Recent articles