“ලිට්රෝ ගෑස් සමාගම රජයේ විගණනයෙන් ඉවත්වීමට උත්සාහයක් දරුවා” – චරිත හේරත්

රජයේ සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගම පසුගිය කාලයේ දී රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරූ බව පාර්ලිමේන්තු ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. සමාගම රජයේ විගණනයට එරෙහිව උසාවි ගොස් නීතිඥ ගාස්තු සඳහා පමණක් රුපියල් කෝටි 2 ක් වැයකර ඇති බවත් එය ඉතාම බරපතල තත්වයක් බවත් මන්ත්‍රීවරයා මහතා සඳහන් කරනවා. එම මුදල එම සමාගමේ මුදලින් ගෙවා ඇති බවයි ඔහු කියන්නේ.

රජයට කොටස් සියයට 50 ක් ඇති ආයතන පමණක් නොව සියයට 98 ක් පමණ හිමි ව්‍යාපාර රජයේ විගණනයෙන් ඉවත්වීමට උත්සාහක කළ අවස්ථාව විශාල සංඛ්‍යාවක් ඇති බව මන්ත්‍රී චරිත හේරත් කියනවා. ලිට්රෝ සමාගම 2021 වසරේ විගණකාධිපතිවරයාගේ විගණනයට එරෙහිව උසාවියෙන් වාරණ නියෝගයක් ලබාගත් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles