මහ බැංකුවට චෝදනා !

මහ බැංකුවට චෝදනා !

රටේ ආර්ථිකය ගොඩගැනීමට මහබැංකුවෙන් කිසිදු සහයක් නොලැබෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චෝදනා කරනවා.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ නිළධාරීන් සමග ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි ඔහු මෙසේ චෝදනා කළේ.

මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ රජයට තුනෙන් දෙකක බලයක් නොමැති නිසා මහබැංකුවට සුදුසු නිලධාරීන් පත්කරගැනීමට හැකියාවක් නොමැති බවයි.

අමාත්‍යවරයා එසේ පැවසුව ද මීට පෙර රජයේ ආයතන කිහිපයකටම ජනාධිපතිවරයාගේ මැදිහත් වීම යටතේ නිළධාරීන් පත්කර තිබුණා.
මේ අතර අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපතිවරයාගේ හැසිරීම පිලිබඳව අදහස් පළ කර සිටියේ මේ අයුරින්,

ජනාධිපතිවරයා ඔහුගේ කතාවෙ දී පෙන්වා දුන් ප්‍රධානතම කරුණ වූයේ රුපියල් බිලියන 150 ක මුදලක් බැංකු වෙත මුදාහැරීමයි. මීට පෙර කොරෝනා අර්බුධය හමුවේ බිඳවැටෙමින් පවතින ව්‍යාපාර සහ මූල්‍ය ආයතන ගොඩගැනීම සඳහා මෙම මුදල මුදාහැරීමට රජය තීරණය කළා. එම තීරණය අනුව මාර්තු 27 වන දා සිට ඊයේ දිනය දක්වා ගතවූ කාලය අතරතුර මහබැංකුව විසින් බිලියන 27.5 ක මුදලක් මුදාහැර තිබුණා.

කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් ඊයේ එල්ලකළ චෝදනාවත් සමග රුපියල් බිලියන 115 ක මුදලක් එකවර මුදාහැරීමට මහබැංකුව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම මීට පෙර 4% ක්ව පැවති ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% දක්වා පහළ දැමීමට ද මහබැංකුව තීරණය කර තිබෙනවා. මෙසේ එකවර විශාල මුදල් ප්‍රමාණයක් මුදහැරීමේ දී පිළිගත් සහ විධිමත් මූල්‍ය ක්‍රියා පටිපාටිවලින් ඉවත් වී විධිමත් නොවන ක්ෂණික ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට සිදුවීම නිසා රටෙහි ආර්ථිකයට අහිතකර බලපෑම් රැසක් එල්ලවීමට ඉඩ ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් අනතුරු හඟවන්නේ.

විශේෂයෙන්ම මේ හේතුවෙන් බැංකුවල ස්ථාවරභාවය පහළ යාම සහ බැංකුවලට මුහුණ දීමට සිදුවන අවධානම ඉහළ යනු ඇති. එසේම මෙම මුදාහරින මුදල් ණය ලෙස ලබාදෙන නිසා එම ණය නැවත අයවීමට දීර්ඝ කාලයක් ගතවනවා. එම කාලය අතරතුර හදිසියේ තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට සිදුවුනොත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දමා තිබීම නිසා ද්‍රවශීලතා අර්බුධයක් ඇතිවනු ඇති. එසේම ජනතාව අතරට වැඩි මුදල් ප්‍රමාණයක් යාම නිසා රට තුළ උද්ධමනයක් ඇතිවිමට ද ඉඩ තිබෙනවා. මෙහි ඇති භයානකම ප්‍රතිඵලය වන්නේ මෙවන් අවිධිමත් මූල්‍ය පද්ධතියක් මෙරට ඇති බව ප්‍රසිද්ධ වීමෙන් විදේශ රටවල් තුළ මෙරට මූල්‍ය පද්ධතිය කෙරෙහි අවිශ්වාසයක් ඇතිවීමයි.

POPULAR

Recent articles