මත්පැන් ඉල්ලුම පහළට

මෙරට මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇත්තේ රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම හා රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි.

මේ හේතුවෙන් නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවනතාවක් ඇතිවී ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වාදී තිබෙනවා.

කෙසේ වුවද ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ළඟාවීමේදී ගැටලු කිහිපයක් ඇති වී තිබෙන බවත් මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් හා දැවි තෙල් සීමාසහිත වීම හා බෙදාහැරීමේදී ගැටලු ඇතිවී ඇති බව නිලධාරීන් පෙන්වා දෙනවා.

POPULAR

Recent articles