බැඳුම්කර හිමියෙකු ශ්‍රී ලංකාවට නඩු පවරයි

බැඳුම්කර හිමියෙකු විසින් ඇමරිකානු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා ඇති බවයි.

තව ද අදාළ බැඳුම්කර හිමියා ඉල්ලා ඇත්තේ, පොලිය ද සමග මූලික මුදලින් ඩොලර් මිලියන 257.5ක් වහාම ගෙවන ලෙසයි.

POPULAR

Recent articles