ශ්‍රී ලංකාව⁣ට වාර්තාගත ජයක්

ශ්‍රී ලංකාව වසර 30කට පසු ඔස්ට්‍රේලියාව⁣ට එරෙහිව එක්දින තරගාවලි⁣යක් මෙරටදී ජය ගැනීමට ඊයේ (21) සමත් වුණා.

ඒ ඊයේ (21) පැවති සිව්වන එක්දින තරගය ලකුණු 4කින් ජය ගැනීමත් සමගිනුයි.

මීට පෙර ශ්‍රී ලංකාව මෙරටදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයගෙන තිබෙන්නේ 1992 වසරේදී යි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ලකුණු 258ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී චරිත් අසලංක ලකුණු 110ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 254ක් පමණි.

ඩේවිඩ් වෝර්නර් දැවී ගියේ ලකුණු 99ක⁣ට යි.

ඒ අනුව තරග 5කින් සමන්විත එක් තරගාවලිය තරග 3-1ක් ලෙස ජයගෙන ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා.

දෙරට අතර මීළඟ තරගය ලබන 24වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

More from author

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 තරඟය අද (23)

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු T20 තරඟය අද (23) දඹුල්ලේදී පැවැත්වීමට නියමිත...

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා හතරවන එක්දින තරඟය අද (21)

සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන හතරවන එක්දින තරඟය අද (21) පැවැත්වෙනවා. ඒ අනුව අද...

වනිඳු හසරංග ක්‍රිකට් පිටියෙන් ඉවතට

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට සති දෙකක කාලයක්...

යුපුන්ට ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ මීටර් 100 තරගයේ 05 වන තැන

නොර්වේ ඔස්ලෝ නුවර පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 තරග ඉසව්ව අද (17) දිනයේ පැවැත්වුණා. තප්පර...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...

තමිල්නාඩු – කන්කසන්තුරේ අතර නැව් සේවාවට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය

තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කරන්නේ තමිල්නාඩුවේ පොන්ඩිචේරි,...

“ඩොලර්වලින් උපයන අය ඩොලර්වලින්ම විදුලි බිල ගෙවිය යුතුයි” – මහජන උපයෝගීතා කොමිසම

තමන්ගේ ආදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයන පෞද්ගලික හෝ රජයේ ආයතන ඇත්නම් එම ආයතන සිය මාසික විදුලි බිල්පත ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක්...