O/L උපකාරක පංති අවසන් කිරීමට තිබූ කාලසීමාව දීර්ඝ කරයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අවසන් කිරීමට තිබූ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ලබන 20 වනදා දක්වා උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීමට හැකියාව පවතින බවයි.

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති තහනම ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට මීට පෙර තීරණය කර තිබූ අතර, පසුගිය දින කිහිපයේ රට තුළ පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් දෙමාපිය, ගුරුවරු සහ විදුහල්පතිවරුන් සිදුකළ ඉල්ලීම මත එම තහනම 20 වෙනිදා දක්වා දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

POPULAR

Recent articles