ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කළ අරගලකරුවන් පොලිස් භාරයට

කොළඹ ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත පිරිසක් පොලිස් භාරයට තිබෙනවා.

අද (20) අලුයම ගෝඨාගෝගම විරෝධතාවේ නිරත පිරිසක් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන පිවිසුම හැර අනෙක් පිවිසුම් දෙක අවහිර කරමින් විරෝධතාවේ නිරත වුණා.

ඔවුන් එම ස්ථානයේ කූඩාරම් දෙකක් ද ඉදි කර ඇති අතර අරගලයේ නිරත පිරිස ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වන වන තුරු අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වුවද මීට සුළු මොහොතකට පෙර ආරක්ෂක අංශ හා පොලීසිය එක්ව මෙම පිරිස ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඒ අතරවාරයේ විරෝධතාවේ නිරත පිරිසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක ගෝඨා ගෝ ගම අරගලය අද (20) ක්‍රියාත්මක වන්නේ 73 වන දිනටයි.

POPULAR

Recent articles