නෙළුම් කුළුණ බදු දීමේ තීරණයක්

කොළඹ නෙළුම් කුළුණෙහි ‘පදනම’ හා ටවර් හවුස් යන ස්ථානවලට අයත් කොටස් බදු හෝ කුලී පදනම මත ලබාදීමට නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කුළුණෙ හි බිම් මහලෙහි පිහිටි ස්මාරක අලෙවිසැලක්, භෝජනාගාර 3ක් හා ප්‍රදර්ශන ගැලරියක්ද, 01 වන මහලෙහි පිහිටි ඩිජිටල් බැංකුකරණ ඒකක 5ක්, E-ක්‍රීඩා වේදිකාවක්, කෝපි හල් 3 ක්, නවෝත්පාදන මධ්‍යස්ථාන 3ක්, 7D සිනමා හලක් හා ඩිජිටල් කෞතුකාගාරයක් ද, එහි දෙවන මහලෙහි පිහිටි උත්සව ශාලාවක්/ ප්‍රදර්ශන කලාපයක් හා රැස්වීම් ශාලාවක් ද බදු/ කුලී පදනම මත ලබා දීමට අපේක්ෂිත කොටසට අයත් වනවා.

එමෙන්ම එම සමාගම සඳහන් කළේ කුළුණේ පදනමෙහි රූෆ්ටොප් කොටසෙහි පිහිටි භෝජන ශාලා, අවන්හල් 5 ක් ද බදු/ කුලී දීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර ටවර් හවුස් කොටසට අයත් උත්සව ශාලාවක්, අවන්හලක‍ෙ හා 5 වන මහලේ පිහිටා ඇති කැරකෙන අවන්හලක් බදුදීමට නියමිත අතර මේ සඳහා ඉල්ලුම් කිරීමට එළඹෙන 30 වනදා සවස 3.00 දක්වා අවස්ථාව ලබාදී තිබෙනවා.

POPULAR

Recent articles