ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා මාර්ග සිතියමක්

පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරියේ දී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමක් සමඟ පවත්වන ලද සාකච්ඡාවේදී මේ පිළිබඳ අදහස් පළ කළ අගමැතියවරයා වැඩිදුරටත් පැහැදිලි කලේ මන්ත‍්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳ කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම සාකච්ඡාව සඳහා හර්ෂ ද සිල්වා, ඉරාන් වික‍්‍රමරත්න, කුමාර වෙල්ගම, රවුෆ් හකීම්, රිෂාඞ් බදුර්දීන්, අලි සබි‍්‍ර, අනුර ප‍්‍රියදර්ශන යාපා, චරිත හේරත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සහභාගී වුණා.

POPULAR

Recent articles