ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදා එවීම සම්බන්ධයෙන් පළවන වාර්තා ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය ඇති කිරිම සඳහා ඉන්දියාවේ පූර්ණ සහය හිමිවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා ඊයේ (10) සඳහන් කර සිටියා.

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි Twitter පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ව්‍යවස්ථාපිත ප්‍රකෘති තත්ත්වය යළි ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාව සිය හමුදා යැවිය යුතු බවයි.

අදාළ Twitter සටහන් –

POPULAR

Recent articles