“දෙසැම්බර් මාසය වන විට පාන් රාත්තලක් 1500/= ක් වෙනවා” – ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්

උද්ධමනය මේ පවතින ආකාරයෙන් දිගින් දිගටම ඉහළ ගියොත් දෙසැම්බර් මාසය වන විට සාමාන්‍ය පාන් රාත්තලක් රුපියල් 1500 ක් වනු ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න පවසනවා.

ඔහු කියන්නේ අද වන විට රුපියල් සීයයට ත්‍රිරෝද රථයකින් යන ගමන ඉදිරි දෙසැම්බරයේදී රුපියල් 1790 පමණ විය හැකි බවයි.

පවතින අධි උද්ධමන තත්වය යනු ඉතා භයානක එකක් බවත් එනිසා වර්ධනය වෙමින් ඇති තත්ත්වය වළක්වා ගැනීම සඳහා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටිනවා.

POPULAR

Recent articles