“විදුලිය කප්පාදුවකින් තොරව පවත්වා ගෙන යාම ගැටලුවක්” – ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය

මහජන උපයෝගීතා කොමිසම කියන ආකාරයට විදුලිය කප්පාදුවකින් තොරව පවත්වා ගෙන යාම ගැටලුවක් බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියන්නේ. සංගමයේ සභාපති විදුලි ඉංජිනේරු අනිල් රංජිත් පවසන්නේ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම ජල විදුලි උත්පාදනයේදී ගැටලු සහගත විය හැකි බවයි.

අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කරන්නේ නම් විදුලි කප්පාදුවක් අනවශ්‍ය බව මහජන උපයෝගීතා කොමිසම පැවසුවත් ඉදිරි මාස තුනක කාලය තුළ විදුලි කප්පාදුවක් අවශ්‍ය බවයි ලංකා විදුලි බල මණ්ඩල කියන්නේ.

“අපේ ජල විදුලි බලාගාරවල ජලය අවසන් වුනොත් අපිට ඒවායින් ජල විදුලිය උත්පාදනය කරන්න බැරි වෙනවා. ඒක ලොකු ගැටලුවක් වෙයි. මහජන උපයෝගීතා කොමිසම යෝජනා කරන විදිහට අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කිරීම ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අපේ ගණන් බැලීම අනුවනම් අප්‍රේල් වෙද්දී වැස්ස එනවා. එතෙක් විදුලිය කප්පාදු කරන්න වෙයි කියලයි අපි හිතන්නේ” යි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති විදුලි ඉංජිනේරු අනිල් රංජිත් පවසනවා.

POPULAR

Recent articles