අදානි කනස්සල්ලෙන්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරිමට බලාපොරාත්තු වන සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව ඇති වී තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව ඇතැයි අදානි සමාගම පවසනවා.

අදානි සමූහයේ ප්‍රකාශවරයෙකු ඉන්දිය මාධ්‍ය ආයතනයක් වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව පවසා තිබෙනවා.

අදානි සමුහයේ ප්‍රකාශවරක වරයා පවසා තිබුණේ, ‘අදානි ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධතාවයේ වැදගත් අංගයක් බවයි.

තම සමාගම අපේක්ෂා කරන්නේ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවේ දැනට පවතින අවශ්‍යතා සපුරාදිම බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය දැනටමත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන අවසන් බව ද ‘ ඔහු පවසා තිබෙනවා.

POPULAR

Recent articles