ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු T20 තරඟය අද (07)

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු පන්දුවාර 20යි 20 තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (07) ආරම්භ වීමට නියමිතයි.

අයි.පී.එල් තරගාවලියට එක් වූ තම ක්‍රීඩකයින් දක්ෂතා අතර සිටින බවත්, ඔවුන් මෙම තරගාවලිය ජයග්‍රහණය කරවීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක දසුන් ශානක ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කරනු ලැබුවා.

මේ අතර ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් පැවසුවේ, තමන් සහ ස්ටීවන් ස්මිත් ලකුණු අතරට පිවිසීම කණ්ඩායමේ ජයග්‍රහණයට වැදගත් සාධකයක් වනු ඇති බවයි.

දෙරට අතර මේ දක්වා පන්දුවාර 20යි 20 තරගාවලි 4ක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පවත්වා ඇති අතර දෙපිලම ඉන් තරගාවලි 2 බැගින් ජයගෙන සිටිනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී සංචාරක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති 20යි 20 තරගාවලිය 4ට 1ක් ලෙස ජය ගත්තේ සත්කාරක ඔස්ට්‍රේලියාවයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර 20යි 20 තරග 22න් තරග 12ක් ඔස්ට්‍රේලියාව ජය ගෙන තිබෙනවා.

තරග 9ක් ශ්‍රී ලංකාව ජය ගත් අතර අනෙක් තරගය ලකුණු සම වීමෙන් අවසන් වුණා.

අද (07) තරගය රාත්‍රී 7.00 ට ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම –

POPULAR

Recent articles