“නිරෝෂන් ප්‍රෙමරත්න නැවත ITN සභාපති කරන්න” – ITN සේවකයින්

ITN නාලිකාවේ සභාපතිවරයා ලෙස යළිත් නිරෝෂන් ප්‍රෙමරත්න පත් කරන එහි සේවක සේවිකාවන් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත ලිපි දෙකක් මඟින් ඉල්ලා තිබෙනවා.

සේවකයින් පවසන්නේ 2015 සිට මේ වන තෙක් ITN ආයතනයට සභාපතිවරුන් 8 දෙනෙකු පත් ඇති අතර දිර්ඝ කාලයක් එක් සභාපතිවරයකු කටයුතු නොකිරීම ආයතනයේ කඩා වැටිම ට හෙතුව බවයි.

නිරෝෂන් ප්‍රෙමරත්න සභාපතිවරයා සිටි සමයේ ආයතනය ආදායම් වැඩිකර ගැනීමට හා නාලිකාවේ ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට ක්‍රමවත් වැඩිපිලිවෙලක් සකස් කළ බව එම ලිපි දෙක මගින් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වුවද ITN නව සභාපති ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් වරලත් ගණකාධිකාරිවරයකු වන ගනක අමරසිංහ පත්කිරීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසනවා.

‘කින්ඩම් ඔෆ් රයිගම් සමාගම’ හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු වන ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ද සැළකෙනවා.

POPULAR

Recent articles