බංග්ලාදේශය පරදවමින් ටෙස්ට් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා පන්දු යවන්නගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිල මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ අනුව 1 ට 0 ලෙස ටෙස්ට් තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවනවා.

මෙම දෙවන ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 365ක් රැස් කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 506ක් රැස් කර ගත් අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් ශතක වාර්තා කිරීමට සමත් වුණා.

දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දීමට පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් ගෙන දුන් ශ්‍රී ලංකා වේග පන්දු යුගලය වන කසුන් රාජිත හා අසිත ප්‍රනාන්දු බංග්ලාදේශ ඉනිමේ කඩුලු 08ක් දවා ගනු ලැබුවා.

මෙහිදී අසිත ප්‍රනාන්දු සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරනු ලැබුවේ ලකුණු 51ට කඩුලු 6ක් දවා ගනිමිනුයි.

මෙම ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් බංග්ලාදේශ පිලේ කඩුලු 17ක් දවා ගැනීමට සමත් වුණා.

POPULAR

Recent articles