“අපිට ඉන්නේ ජනතාවගේ පැත්තේ ඉඳන් ප්‍රශ්වලට පිළිතුරු දෙන නායකයෙක්” – ප්‍රසන්න රණතුංග

ජනතාවගේ පැත්තේ ඉඳන් ප්‍රශ්වලට පිළිතුරු දෙන නායකයෙක් අපට සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අපේ රටේ ජාතික, පළාත් දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න සාකච්ඡා මාර්ගවලින් විසඳමින් තිබෙනවා. අපිට ජාතික ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුනත් මේ ප්‍රශ්න ඇති කළේ අපි නෙමෙයි. ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව මේ ප්‍රශ්න ඇති වෙන බව දැනගෙන හිටියා. ඒ නිසා මූල්‍ය අර්බුදයෙන් ගොඩ එනතෙක් ජනතාවගේ ප්‍රශ්න විසඳන තෙක් මන්ත්‍රී වරප්‍රසාද ගැන කතා කරන්න එපා කියලා ජනාධිපතිතුමා මුලදිම කිව්වා.

අපේ රටේ වියදම් වැඩි වෙලා ආදායම් අඩු වුණා. වසර දෙකකට කලින් රථ වාහන ඇතුළු භාණ්ඩ හයසියයක් ගෙන්වීම නතර කළේ ඒ නිසයි. ඉන්ධන පෝලිම් තියෙනවා. මේවා සැලසුම් සහගත වැඩපිළිවෙළ. මම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් සමග සාකච්ඡා කළා. වෙළෙඳපොළට වැඩි වශයෙන් තෙල් නිකුත් කරලා තියෙන කොටත් අර්බුදයක් ඇති වෙන්නේ ඇයි කියන්න උන්ට තේරෙන්නෙ නැහැලු. දැන් දවස් තුනෙන් තෙල් නැවක් එන විදියට වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩල හමුවේදී වැඩියෙන්ම කතා කරන්නේ ඉන්ධන අර්බුදය විසඳීම, නියමිත වේලාවට ඖෂධ ගෙන්වීම, තිබෙන ඩොලර් කළමනාකරණය කර ගැනීම වගේ කාරණා ගැනයි.

එදා විමල් උදය එක්ක මහින්ද මහත්තයා නැවත ගේන්න නුගේගොඩ රැස්වීම සංවිධානය කළා. ඒ අය අපිත් එක්ක හිටියා. හැබැයි ජනතාව සංවිධානය කළේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු රට වටේ ගිහින්. ඒක ඒ අයත් දන්නවා.

ඕනම රටක ආණ්ඩුවක විනයක් තියෙන්න ඕනේ. පක්ෂයක, ආයතනයක විනයක් තියෙන්න ඕනේ. විනය නැති වුණොත් පාලනය නැති වෙනවා. කැබිනට් එකේදි අපි රණ්ඩු වෙනවා නිලධාරීන් එක්ක බැන ගන්නවා. නමුත් අපේ සාමූහික වගකීම කඩ කරන්න බැහැ. අපි පොළවේ පය ගහලා ඉන්න දේශපාලනඥයන් මිස හැංගිලා ඉන්න අය නෙවෙයි. මිනිස්සුන්ගෙ වේදනාව, හිතවත්කම, සීයයට තුනේ කුහකකම කතාකරන විදියෙන් අපිට තේරෙනවා.

රජය කෙරෙහි විශ්වාසය පළුදු කර ගන්න එපා. අර්බුදකාරී තත්ත්වය තුළ මේ මට්ටමින් හෝ රට පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ නිවැරදි පාලනය නිසයි” යනුවෙන් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

POPULAR

Recent articles