“තෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී ගන්න එපා” – විදුලි බල හා බලශක්ති ඇමති

තෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී නොගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇතැම් පුද්ගලයින් ඉන්ධන එක්රැස් කර වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කර වැඩි මිලට අලෙවිකරන බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.

එවැනි ජාවාරම් දිරිමත් නොකරන ලෙසත් ඒ පිළිබඳ වාර්තා කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලෙමක් කරනවා.

මේ අතර අඛණ්ඩව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල් හල් වෙත ඉන්ධන නිකුත් කරමින් ඇති බව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පවසනවා.

කෙසේ වුවද මේ වන විටත් දිවයිනේ ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලබෙනවා.

POPULAR

Recent articles