21 අද (06) කැබිනට් මණ්ඩලයට

දේශපාලන පක්ෂ හා විවිධ පාර්ශව ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් කරමින් ආණඩුක්‍රම ව්‍යවස්ථාව් 21 වන සංශෝධනය අද (06) දිනයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ , ආචාර්ය, විජයදාස රාජපක්ෂ සඳහන් කරන්නේ මේ පිළිබඳ විශේෂ සාකච්ජාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානවත්වයෙන් ,අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා හා තමන්ගේ සහභාගීත්වයෙන් පැවති බවයි.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව සංශෝධනයේ කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

එමෙන්ම ආචාර්ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ, ඉදිරි පාර්ලිමේන්තු සතියේදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය පිළිබඳව පාර්ලිමෙන්තුවේදි ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

POPULAR

Recent articles