“මේ තමයි මෑත ඉතිහාසයේ දැවැන්තම හා අතිශයෙන් සාර්ථකම වැඩ වර්ජනය” – උදේනි දිසානායක

අද (28) දියත් කෙරෙන වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම සාර්ථක වෙමින් තිබෙන බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු උදේනි දිසානායක පවසනවා. ආණ්ඩුව ගෙදර යවන මහජන විරෝධයට සහය වෙමින් වැඩ කරන ජනතාව රජය සහ පෞද්ගලික ලෙස නොබෙදී අද වැඩ වර්ජනයට එක්ව සිටින බවයි ඔහු කියන්නේ.

“මේ තමයි මෑත ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය. ඒ වගේම අතිශයෙන් සාර්ථකම වැඩ වර්ජනය. වැඩ කරන ජනයා නියෝජනය කරන වෘත්තීය සමිති 1000ක් ඉක්මවා එකට එක්වෙලා මේ වැඩ වර්ජනයට සහය දෙනවා. අද දවසේ පැවැත්වෙන එක් දින වැඩ වර්ජනය මේ පාලකයන් ගෙදර යවන අරගලයේ එක වැඩක් විතරයි. අද දවස අවසානයේ වැඩ කරන ජනතාව මේ දෙන පණිවිඩය මේ පාලක කණ්ඩායම තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තේ නැත්නම්, ගණන් ගත්තේ නැත්නම්, අවතක්සේරු කෙරුවොත් ඊළඟ ක්‍රියාමාර්ගයට යන්න අපි ලෑස්තියි. ඒ සඳහා වැඩ කරන ජනයාට තියෙන ශුද්ධ වූ අයිතිය ක්‍රියාත්මක කරන්න අපි ලෑස්තියි” යනුවෙන් ඔහු සඳහන් කරනවා.

POPULAR

Recent articles