“මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසන් කළා” – කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එහි සියලු තොරතුරු මැතිවරණ ජයග්‍රහණ සඳහා වසන් කළ බව අති උතුම් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පල කළේ, ඉතාලියේ පාදුවා නුවර ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ ඊයේ (01) පැවති විශේෂ දේව මෙහෙයකදී යි.

මෙම විශේෂ දේව මෙහෙය සඳහා මෙරට රදගුරු මණ්ඩලය නියෝජනය කරන රදගුරු හිමිපාණන් වහන්සේලා සහ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

POPULAR

Recent articles