රාජ්‍ය සේවයේ දිනෙක වැටුප ගැන ව්‍යාජ ලිපියක් ?

රාජ්‍ය සේවයේ දිනෙක වැටුප ගැන ව්‍යාජ ලිපියක් ?

කෝවිඩ් 19 ව්‍යවසනයට හමුවේ අර්බුධයට ලක්වූ මෙරට ආර්ථිකයට යම් සහනදායී දායකත්වයක් ලෙස තමන්ගේ දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය විසින් නිකුත් කරන ලද ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය විසින් 2020 ජූනි මස 18 දාතමින් යුතුව නිකුත් කරන ලද ලිපියකින් දක්වා ඇත්තේ එක් දිනෙක වැටුප් දායකත්වයක් ලබාදීමට අකමැති සියළු කාර්‍ය මණ්ඩල නිළධාරීන්ගෙන් ඊට අකමැති බවට ලිඛිත එකඟතාවයක් ලබා ගත යුතු බවයි. එසේ ලිඛිත එකඟතාවයක් ලබා නොදෙන සියලු නිළධාරීන්ගේ ජූනි මස වැටුපෙන් අදාල අය කිරීම සිදුකරගෙන බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නමට ලියූ චෙක්පතකින් එවීමට කටයුතු කරන ලෙස එහි දක්වා තිබෙනවා.

කෙසේවෙතත් 2020 ජූනි මස 19 දාතමින් යුතුව නිකුත් කර ඇති තවත් ලිපියක දක්වා ඇත්තේ පෙර ලිපියේ තුන්වන ඡේදය සංශෝධනය විය යුතු බවයි. ඒ අනුව දිනක වැටුප් දායකත්වය ලබාදීමට කැමති කාර්‍ය මණ්ඩල නිළධාරීන්ගෙන් ඊට කැමති බවට ලිඛිත එකඟතාවයක් ලබාගන්නා ලෙසත්, එම නිළධාරීන්ගේ පමණක් ජූනි මස වැටුපෙන් අදාල අය කිරීම සිදුකරගන්නා ලෙසත් එහි දක්වා තිබෙනවා.

සමාජ මාධ්‍ය තුල මෙම ලිපි දෙකම සංසරණය වෙමින් පවතින නමුත් මේ අතරින් සත්‍ය ලිපිය කුමක් ද ? ලිපි දෙකම සත්‍ය ද ? නැතිනම් ලිපි දෙකම අසත්‍ය ද ? යන්න පිළිබඳව කිසිදු පාර්ශවයකින් නිශ්චිත ප්‍රකාශයක් නිකුත් වී නැහැ. එක් අතෙකින් මෙහි පළමු ලිපිය සත්‍යනම් වැටුප ලබාදීමට ඇති සේවකයින්ගේ පමණක් ලිඛිත එකඟතාවයක් ලබාගෙන අනෙක් සියළු සේවකයින්ගේ වැටුප් කපගැනීම තුළ බලහත්කාරයක් පවතින බව පෙනී යනවා. අනෙක් අතින් මෙම ලිපි අසත්‍ය ඒවානම් මෙවැනි ව්‍යාජ ලිපි සකස් කර සමාජ මාධ්‍ය වෙත මුදාහරින පුද්ගලයින්ට දඩුවම් ලබා දිය යුතු වනවා.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ?fbclid=IwAR0msOkwB8UFJ9FQVeFqGm9Sm1-dMCkQzP19wNIVKPTjpnrtxCKF-hFv4gs

POPULAR

Recent articles