“ගෑස් සපයන්නේ කර්මාන්ත සඳහා පමණයි” – ලිට්රෝ ගෑස් සමාගම

මේ වන විට මෙරට ගෘහස්ත ගෑස් සැපයුම සිදු නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

දැනට තමන් සතු LP ගෑස් තොග අතරින් සැපයීම කරන්නේ තියෙන්නේ කර්මාන්ත සඳහා පමණක් බවයි ඔවුන් කියන්නේ. එම හේතුව නිසා ගෑස් ලබාගැනීමට පෝලිම් වල නොසිටින ලෙස ලිට්රෝ ගෑස් සමාගම සිය පාරිභෝගිකයන්ට දන්වා තිබෙනවා.

ලිට්රෝ සහ ලාෆ් ලෙස මෙරට ගෑස් සැපයූ සමාගම් දෙකක් තිබුණත් පසුගිය කාලය පුරාම ලාෆ් ගෑස් සැපයීමක් කළේ නැහැ.

POPULAR

Recent articles