යුක්රේන සංචාරකයින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට යුද විරෝධී විරෝධතාවක් දියත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ යුක්රේන ජාතිකයන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත්, වර්ධනය වන දේශීය ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට මෙකි යුද්ධය දැඩි බලපෑමක් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

තම රටේ ජාතික වර්ණයෙන් බැලූන් සහ අතින් ලියන ලද පෝස්ටර් අතැතිව යුක්රේන ජාතිකයන් 150ක් පමණ මෙරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටියා. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය රාජ්‍යයකට එල්ල වූ විශාල ම ප්‍රහාරය වන මොස්කව් විශේෂ මෙහෙයුමක් ලෙස හඳුන්වන රුසියාවේ පහර දීමෙන් පසු මෙම විරෝධතා පවත්වා තිබුණා.

“යුක්රේනයේ සිටින මගේ ජනතාව රුසියානු ආක්‍රමණිකයන් විසින් මරා දමනවා” යැයි 27 හැවිරිදි හැනා එලේනා පවසන අතර, සමහර පවුලේ සාමාජිකයන් සහ මිතුරන් නැවත නිවසට සම්බන්ධ කර ගැනීමට ඇයට නොහැකි වූ බව පැවසුවා. “රුසියානු ජනතාවනි, කරුණාකර පාරට බහින්න. ඔබ සැමට පියවර ගත හැකි නම්, දේවල් වෙනස් විය හැකියි” යි විරෝධතාවයට සහභාගී වෙමින් එලේනා පවසා තිබෙනවා.

POPULAR

Recent articles