අමාත්‍යාංශ තුනක් සඳහා නව ලේකම්වරුන් පත්කරයි

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශ සඳහා ලේකම්වරු තිදෙනෙකු පත්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ ඊයේ (11) දින සිට මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.

මෙලෙස පත්කළ ලේකම්වරුන් –

  1. ආරක්ෂක අමාත්‍යාංශය – විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න
  2. මහජන ආරක්ෂක අමාත්‍යාංශය – විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්
  3. මුදල් අමාත්‍යාංශය – කේ.එම්. මහින්ද සිරිවර්ධන

POPULAR

Recent articles