“මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට රැගෙන ගියා” – නාවික හමුදාපති

ආරක්ෂාව සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පවසනවා.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සඳහන් කරන්නේ පසුගියදා අරලිය ගහ මන්දිරය අසළ ඇතිවූ සිදුවීමත් සමඟ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ එම ස්ථානයේ රැඳී සිටීම සුදුසු නොවන නිසා, ඔහුගේ ආරක්ෂාවට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බවයි.

මෙලෙස හිටපු අගමැතිවරයා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගියේ තාවකාලිකව බවත්, පවතින තත්ත්වය යහපත් වූ පසුව ඔහු කැමති ස්ථානයකට පිටත් කර හරින බවත් අද (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

POPULAR

Recent articles