අවදානම ඉවත් කරදෙන තුරු සේවයෙන් ඉවත් වනවා – ශර්මිලා රාජපක්ෂ

කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිවැරැදි විමර්ශනයක් සිදු කර පවත්නා අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමන් සේවයෙන් ඉවත් වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසනවා.

ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඇය ඒ බව ලිපියක් මඟින් දන්වා ඇති බව යි වාර්තා වෙන්නේ.

එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ, දින 14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා ඇය වෙත රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සාදා දෙන ලෙස යි.

එසේ නො මැති වුව හොත් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සේවක පිරිසකගේ අත්තනෝමතික, විනාශකාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ඒ හේතුවෙන් අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව සහ සත්ත්වෝද්‍යානයේ සත්ත්වයින්ට ඇති වී තිබෙන බලපෑම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් තමන් එම ලිපිය යොමු කළ බවත් අවසන් වශයෙන් ඇය එහි දී අවධාරණය කරනවා.

POPULAR

Recent articles