2021 රාජ්‍ය නාට්‍ය උළෙල අදින් (17) ඇරඹෙයි

2021 රාජ්‍ය නාට්‍ය උළෙල 2022 පෙබරවාරි 17 (අද) සිට මාර්තු 06 වනදා දක්වා දිනපතා මරදාන එල්පින්ස්ටන් රගහලේ දී පැවැත්වෙනවා.

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය සදහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් යුත් දිගු නාට්‍ය 12 ක් තේරී ඇති අතර කෙටි නාට්‍ය 20 ක් ද අවසන් වටයට තේරී ඇත.

රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණු නාට්‍ය පහත දිනවල වේදිකාගත වීමට නියමිත වනවා.

එමෙන්ම දිගු නාට්‍ය ප.ව. 6.30 ට වේදිකාගත වන අතර කෙටි නාට්‍ය ප.ව. 5.30 ට වේදිකාගතවීමට නියමිතයි.

කෙසේ වුවද මින් 2022.03.06 දින වේදිකාගත වීමට නියමිත ඌරෝ අතර pork දිගු නාට්‍ය පමණක් මරදාන ටවර් රගහලේදී වේදිකා ගත වන බව සඳහන් වනවා.

POPULAR

Recent articles