නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් මස 14 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

එම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

ඔවුන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනාව වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවටයි.

POPULAR

Recent articles