සඳුදා ගෙව්වොත් සති දෙකකට ගෑස් තියනවා – ලිට්රෝ සභාපති

ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 7 ක් ලබන සඳුදා ගෙවීමට බලාපොරොත්තු වන බවත් එම නැව් දෙකේ ගෑස් ගොඩබෑමෙන් පසුව රට තුළ සති දෙකකට ප්‍රමාණවත් ගෑස් තොගයක් නිර්මාණය වන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් පවසනවා.

ලිට්රෝරෝ ගෑස් සමාගම සතුව මේ වන විට දින 6 කට ප්‍රමාණවත් ගෑස් තොග ඇති බවත් අද දිනයේ සිට සිලින්ඩර 80,000 ක් වෙළඳපොලට සපයන බවත් සභාපතිවරයා කියා සිටියා.

එම සිලින්ඩර 80000 න් 50000 ක් කෝප් කමිටුවේ නිර්දේශ මත කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට සපයන බව කී සභාපතිවරයා සඳහන් කළේ ඉතිරි සිලින්ඩර 30000 සෙසු ප්‍රදේශවලට බෙදාහරින බවයි.

POPULAR

Recent articles