පේරාදෙනිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම නතර කිරීම පිළිබඳව ඉන්දීය විදේශ ඇමතිගේ අවධානය

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය ජේ. ජයිශංකර් පේරාදෙනිය ශික්ෂණ රෝහලේ ශල්‍ය කර්ම නතර කිරීම පිළබදව සිය අවධානය යොමු කර තිබෙනවා. 

ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ ඇමතිවරයා සඳහන් කරන්නේ මෙම තත්ත්වය ඉතා කණගාටුදායක බවත්, එබැවින් අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාවට මේ සම්බන්ධයෙන් උපකාර කළ හැකි ආකාරය පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන් බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ජා කර ඇති බවත් එහිදී අඛණ්ඩව ශල්‍යකර්ම සිදුකරගෙන යාමට අවශ්‍ය සහය ලබාදීමට පොරොන්දු වී ඇති බවද වාර්තා වනවා.

මේ අතර පේරාදෙණිය රෝහලේ දෛනික ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කර සිටිනවා.

පසුගිය මාසය සදහා සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය සදහා ගෙවියයුතු වැටුප් සදහා ප්‍රමාණවත් මුදල් වෙන් කිරීමක් සිදු නොවූ බැවින්, තාවකාලිකව සැපයුම්කරුවන් සදහා ගෙවීමට වෙන් කල මුදල වැටුප් සදහා යොදවා ගැනීම මගින් උග්‍ර වී ඇති අත්‍යවශ්‍ය සැපයුම් පිළිබද අර්බුධය මේ තත්වය ඇතිවීමට හේතු වී තිබෙනවා.

POPULAR

Recent articles