සමාජ මාධ්‍යයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දුන් අය ගැන අනාවරණයක්

පසුගිය 09 වනදා ගාලුමුවදොර හා කොල්ලුපිටිය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් යම් පිරිස් එම සිද්ධීන් සඳහා කැඳවු සමාජ මාධ්‍ය ජාලා 59 ක් හා සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 59 කු හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ එම පුද්ගලයන් දිවයිනෙන් බැහැරව සිටියත් මෙම අපරාධ සඳහා ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවයි.

එකී පුද්ගලයන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ චෝදනා කිරීමේ හැකියාව තිබෙන බවත් වසර පහකට නොවැඩි සිර දඩුවමකට යටත් කිරීමට හැකියාව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.

POPULAR

Recent articles