“විශ්වාසභංගයේ සහයට මන්ත්‍රීවරු 120ක් ඉන්නවා” – උදය ගම්මන්පිල

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. “දැන් විශ්වාසභංගයට සහය දෙන මන්ත්‍රීවරු 120ක් ඉන්නවා, ආණ්ඩුව ඉවත් නොවුණොත් විශ්වාසභංග යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට බාර දෙනවා” යි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියනවා.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට පක්ෂව සිටිනු ඇතැයි ගම්මන්පිල මන්ත‍්‍රීවයා කියන මන්ත්‍රීවරුන් වන්නේ දැනටමත් විපක්ෂය නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් 65 දෙනා (ඔහු කියන්නේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය), ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරු 39 දෙනා, ජනාධිපතිවරයාට ලිපියක් යැවූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 10 දෙනා, පසුගිය සතියේ ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් 03 දෙනා සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරු වන වන ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් සහ නාලක ගොඩහේවා යි.

POPULAR

Recent articles