කඩ කුලී වැඩිකිරීමට පානදුර නගර සභා සභාපති ගෙනා යෝජනාව පරාදයි

පානදුර නගරයේ මස්, මාළු, බිත්තර කඩවලින් රුපියල් 6000ක් හා අනෙකුත් කඩවලින් රුපියල් 3000 මාසිකව අය කිරීම සඳහා නගර සභාවට ගෙන එනු ලැබූ යෝජනාව වැඩි ඡන්ද තුනකින් අද (15) පරාජයට පත් වී තිබෙනවා.

පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක විසින් මෙම යෝජනාව රැගෙන විත් ඇති අතර පානදුර නගර සභාව එක්සත් ජාතික පක්ෂයට බලය හිමි පළාත් පාලන ආයතනයක් වනවා.

කොවිඩ් 19 වෛරසය නිසා ව්‍යාපාර බිඳ වැටී ඇති තත්ත්වයක් හමුවේ ක්ෂණිකව මෙවැනි කඩ කුලියක් අයකර ගැනීම සුදුසු නොවන බව මන්ත්‍රීවරුන් එහිදී පෙන්වා දී තිබෙනවා.

යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හත්දෙනෙක් ඡන්දය පාවිච්චි කර ඇති අතර ව්පක්ෂව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 4ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 4ක් හා එජාපයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය පාවිච්චි කර තිබෙනවා.

POPULAR

Recent articles