“මහජන උපයෝගිතා කොමිසමේ පරස්පර විරෝධී ප්‍රකාශ නිසා රජය අපහසුතාවයට පත්වෙනවා” – ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් මාධ්‍ය හමු කැඳවා වරින් වර කරන පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන් රජය අපහසුතාවයට පත්වන බව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් පවසා ඇති වාර්තා වෙනවා.

මෙම පරස්පර ප්‍රකාශ හේතුවෙන් සභාපතිවරයාව මාධ්‍ය හමුවට පැමිණීම වළක්වන්නයි ද ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලා තිබෙන බවයි කියන්නේ.

වරෙක මාස තුනක් යනතුරු කිසිසේත්ම විදුලිය නොකපන බවට ප්‍රකාශ කළ සභාපතිවරයා ඊට දෙදිනකට පසුව මාධ්‍ය හමු පවත්වමින් විදුලිය කපන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ආණ්ඩුවේ මහජන නියෝජිතයන් මෙන්ම රජයද අපහසුතාවයට පත්වන බවයි මෙම පසුපෙළ මන්ත්‍රීවරු කියා ඇත්තේ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී යි මෙම පිරිස මේ බව පවසා තිබෙන්නේ.

POPULAR

Recent articles