බන්ධනාගාර ගත සිරකරුවන්ට ආහාර සැපයීමද ගැටළුකාරී වෙයි

පවතින උද්ධමනකාරී වතාවරණය යටතේ බන්ධනාගාර ගත සිරකරුවන්ට ආහාර සැපයීමද දැඩි ගැටළුකාරී වී ඇති බව වාර්තා වනවා.

එම තත්ත්වය යටතේ බන්ධනාගාරවල සිරකරුවන්ට සැපයන ආහාරවල මිල ගණන් වැඩි කරන්නැයි ආහාර සැපයුම්කරුවන් බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසන්නේ සැපයුම්කරුවන්ගේ එම ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි.

බන්ධනාගාරවල සිරකරුවන් සඳහා සැපයෙන ආහාරවල මිල ගණන් දෙගුණයකින් පමණ වැඩිවී ඇති බව සැපයුම්කරුවන් දැනුම්දී ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රටපුරා බන්ධනාගාරවල සිටින සිරකරුවන් සංඛ්‍යාව 20,000ක් පමණ වන අතර මේ සෑම සිරකරුවකුගේ ආහාර පාන වෙනුවෙන් දිනකට වෙන් කෙරෙන මුදල රුපියල් 300 ක් වනවා.

POPULAR

Recent articles