බොරැල්ල දේවස්ථානයේ සේවකයා මුදාහරින්නැයි අධිකරණයෙන් නියෝග

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව විමර්ශන දියත් කළ බොරැල්ල පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය බෝම්බ සිද්ධියට අදාළව සැකපිට ප්‍රැන්සිස් මුනීන්ද්‍රන්
ඇතුළු තවත් තිදෙනෙකු පළමුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අතර වයස අවුරුදු නවයක් වූ දරුවකු ද ඇතුළත්ව සිටියා.

කෙසේ වුවද මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඒ අතර වාරයේ බොරැල්ල සියළු ශාන්තුවරයින්ගේ දෙවස්ථානය භාර පියතුමා ඇතුළු පිරිස් දේවස්ථානයේ සවි කර තිබු සී.සී.ටී.වී කැමරා දර්ශන සමීපව නිරීක්ෂණය කරද්දී අනාවරණය වූයේ අදාළ බෝම්බය තබනුයේ මෙම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් දේවස්ථාන සේවකයා නොවන බවයි.

පසුව මේ පිළිබඳව නැවත වරක් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම සී.සී.ටී.වී දර්ශන නැවත පරිශීලනය කළ කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

POPULAR

Recent articles