විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව එළඹෙන සදුදා (21) කැබිනට් මණ්ඩලයට

විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සදුදා පැවැත්වෙන මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ ඊයේ (16) පැවැති සාකච්ඡාවක දී යි.

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා යෝජනාවක් විදුලිබල මණ්ඩලය විසින් මීට පෙර සිටම ඉදිරිපත් කරනු ලැබූ අතර ඊයේ (16) පැවති සාකච්ඡාවේදී එය පිළිබඳව අවධානයට ලක්වූ බවයි කියන්නේ.

ඒ අනුව අදාළ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමතිවරිය සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles